Beard Growth Oil මිත්‍යාවට හසු නොවන්න

රැවුල වාවගන්න Beard Growth Oil පාවිච්චි කිරීමෙන් පලක් තිබේද? කෙටි පිළිතුර නම් නැත. මේ පිළිබඳව කෙටි සඳහනක් අපි පහතින් දක්වමු.

ශ්‍රී ලංකාවේ Beard Oil සඳහා ඉල්ලුමක් පටන් ගන්නේ 2016 වසරේ මැද භාගයේදී. කෙසේ වෙතත් 2017 වන විට බෙඅර්ඩ් ඔඉල් තරුණ පරපුරේ නිතරම කතාබහට ලක් වූ වචනයක් බවට පත්වුනා. මේ සමගම Beard Oil සඳහා තිබූ ඉල්ලුමත් ඉහල ගියා.

ඒ වන විට ලංකවේ පැවති ව්‍යාපාර කිහිපයක් Beard Oil ගෙන්වීමට පටන්ගත්තා. මෙම ව්‍යාපාර වල සාර්ථකත්වය දුටු බොහෝ අය චීනයෙන් සහ ඉන්දියාවෙන් අඩු වියදම් Beard Oil ගෙන්වන්න පටන් ගත්තා.

මෙසේ ගෙන්වන ලද Beard Oil වල තිබූ බාල ප්‍රමිතිය නිසා මේවා විකුනගනීමට අපහසු වූ වෙළඳුන් මෙය Beard Growth Oil ලෙස නැවත නම් කර වෙළඳපලට යොමු කළා. මෙම Beard Oil ඕනෑම කෙනෙකුගේ හෝ ඕනෑම වයසක කෙනෙකුගේ රැවුල අනිවාර්යෙන්ම වවදෙන ලෙස සහතික ලබාදුන්නා. කණගාටුව නම් මේ සියලු දේ අසත්‍ය වීමයි.

රැවුල වැවීම තීරණය වන්නේ ඔබගේ ජාන මත හෝ ඔබගේ වයස මත පමණි. ඔබට එසේ රැවුල තිබේ නම් පමණක් Beard Oil පාවිච්චි කිරීමෙන් ඔබගේ රැවුලේ ඝනත්වය වැඩි කරගන්න පුළුවන්. Beard Oil වලින් ඉටුවන්නේ ඔබගේ රැවුල යට ඇති හමේ තෙතමනය රඳවා තැබීම සහ රැවුල ඝනට වවාගැනීමට අවශ්‍ය පෝෂණය ලබාදීමයි. රැවුල නැති කෙනෙකුගේ රැවුල වවාගත හැකි oil එකක් තවමත් විද්‍යාත්මකව සොයාගෙන නැත.

ඔබ මින් ඉදිරියට Beard Oil මිලට ගන්නා විට අනිවාර්යෙන්ම එහි ඇති සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්න. පහත සඳහන් ප්‍රශ්න ඔබගේ වෙළඳ මහතාගෙන් අසා හෝ අන්තර්ජාලය හරහා දැනගන්න.

  1. Beard Oil වල අඩංගු ද්‍රව්‍ය මොනවද?
    සාමාන්යෙන් Grapeseed oil, Sweet Almond oil, Jojobo oil, Argon oil යන oil වර්ග භාවිතා වේ.
  2. Beard Oil නිෂ්පාදිතයාගේ නම සහ වෙබ් අඩවිය?
    ලංකාවේ ඇති බොහොමයක් බාල වර්ගයේ බෙඅර්ඩ් ඔඉල් වර්ග චීනයේ නිෂ්පාදිත බැවින්. නිෂ්පාදිතයාගේ නමක් සඳහන් නොවේ. මෙවන් බෙඅර්ඩ් ඔඉල් මිලදී ගැනීමෙන් වැලකී සිටින්න.

තවත් වටිනා කරුණු.

  • සාමාන්‍යයෙන් රැවුල වැවීමට පටන් ගන්නේ අවුරුදු 22 වැඩි තරුණයින්ගේ, මෙසේ වැවීමට පටන් ගන්නා රැවුල අවුරුදු 30 දක්වා වැවේ.
  • රැවුල කැපීමෙන් රැවුල හොඳින් වැවෙන බව ඔබ සමරහ විට අසා ඇති වෙන්න පුළුවන්. මෙය සම්පූර්ණ අසත්‍ය කරුණක්. මෙහි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැත.
  • රැවුල ඝනව වැවී ඇති විට සමහර විට කසීමට පටන් ගනී. එසේ සිදුවන්නේ රැවුල යට ඇති සම වියළි වීමත් සමගයි. Beard Oil මගින් මෙම තත්වය මගහරවා ගත හැක.

Leave a Reply

×
×

Cart